මුල් පිටුව
|
සුවහස් මල් උද්‍යාන මධ්‍යස්ථානය - ටොරින්ටන් |
හැඳින්වීමසුවහස් මල් උද්‍යාන මධ්‍යස්ථානය කොළඹ 07, ටොරින්ටන් පෙදෙසේ දී 2006 ජුනි මස 09 වන දින ආරම්භ කරන ලදී. උසස් තාක්ෂණය සහිත නවීන උද්‍යාන මධ්‍යස්ථානයක් ලෙස මෙය වැඩි දියුණු කර ඇත. උසස් තත්ත්වයේ රෝපන මාධ්‍ය හා මල්වලින් සැකසූ අත්කම් සාධාරණ මිලකට මෙහි විකිණීමට ඇත. මෙම මධ්‍යස්ථානය බස්නාහිර පළාතේ වගාකරුවනට හා ජනතාවට, උද්භිද විද්‍යාව හා මල් වගාව පිළිබඳ දැනුම හා තාක්ෂණය ප්‍රචලිත කරන අධ්‍යාපන ඒකකයක් ලෙස ද ක්‍රියා කරයි.
ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ සුවහස් මල් සංගමයේ සාමාජිකයින්ට මල් ප්‍රදර්ශන හා පැල විකිණීම් සංවිධානය කිරීම ද සුවහස් මල් වැඩසටහන මෙහි සිට සම්බන්ධීකරණය කරයි.
කැපූ මල් තොග හා සිල්ලරව අලෙවි කිරීම සඳහා පහසුකම් සැලසීමට සුවහස් මල් උද්‍යාන මධ්‍යස්ථානය කටයුතු කිරීමට සැලසුම්කරයි. උද්භිද උද්‍යානවල නිපදවන ලද කැපූ මල් හා පිරවුම් සුළු ප්‍රමාණයක් දැනට ද මෙම මධ්‍යස්ථානයේදී විකුණනු ලැබේ. මෙම වෙළඳ අලෙවි සැල දියුණු කිරීමේ ඉදිරි සැලැස්මක් ලෙස කැපූ මල් හා පෝච්චිවල සිටුවන ලද පැළ ඇතුලුව උද්‍යාන අලංකරනය සඳහා යොදා ගන්නා විශාල පැළ වෙන්දේසි කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අදාළ අනාගත සැලසුම් සකස් වෙමින් පවතී.
විවෘතව පවතින වේලාවන් - පෙ.ව. 8.30 සිට ප.ව. 6.00 දක්වා (පෝය දින හැර) |
|