Skip to content
 

ගනේවත්ත උද්භිද උද්‍යානය

You are here: මුල් පිටුව
මුල් පිටුව
ගනේවත්ත ඔසු පැල උද්‍යානය
  හැදින්වීම

ගනේවත්ත ඔසු පැළ උද්‍යානය වයඹ පළාතේ කුරුණෑගල සිට‍ සැතපුම් 15 ක් පමණ ඈතින් පිහිටා ඇත. අන්තර් කලාපයේ පිහිටා තිබීම නිසා ඔසු පැළ විශාල ප්‍රමාණයක් වගා කිරීම සදහා සුදුසු අනර්ඝ ස්ථානයක් සපයා දේ. උද්‍යානය ප්‍රමාණයෙන් අක්කර 52 කි. භූම්යෙන් අඩක් පමණ පොල් වගාවකින් වැසී ඇත. වගා කරනු ලබන ඔසු ශාක වලින් බොහොමයක් ගස් හා සම්බන්ධ ඒවාය. වඩාත්ම සුළභ ගස් වර්ග වන්නේ නෙල්ලි, මූණමල්, සදුන්, සියඹලා, සහ ඇතදෙමට වේ.

ග‍නේවත්ත ඔසු පැළ උද්‍යානයෙහි කෘෂිකර්ම උපදේශකයෙකු පෙරටු කරගත් කම්කරුවන් 9 දෙනෙකුගේ කාර්ය බලකායක් ඇත. දැනට පහත සදහන් කටයුතු ඉටු කරනු ලැ‍බේ.

1. විශාල ඔසු පැළ සංඛ්‍යාවක් සදහා ජනකප්ලාස්ම එකතුවක් නඩත්තු කිරීම..
2.නෙල්ලි, සියඹලා, අරම් හා වැනිලා වැනි ඔසු පැල නිශ්පාදන එකතුකිරීම 
 සහ අලෙවි කිරීම
3.පොල් අස්වැන්න නෙලීම හා අලෙවි කිරීම.
4.පාසල් ශිෂ්‍යයන්ට, ස්වේච්ජා සංවිධානවලට, සාමාන්‍ය මහජනතාවට අධ්‍යාපන පහසුකම්
 5සැලසීම.
5.ඔසු ශාක බෝකිරීම සදහා පැළතවාන් පවත්වාගෙන යාම..
  

පහත සදහන් අධ්‍යාපනික කටයුතු ද ගනේවත්ත ඔසු පැළ උද්‍යානයෙන් කරගෙන යනු ලැබේ.:
1. ඔසු ශාක හදුනා ගැනීම
2. ඔසු පැල ප්‍රචාරණය
3.ඔසු ශාක ස්ථානයෙන් බැහැර සංරක්ෂණය

 
 
 
 
 
          කතුහිමිකම © 2008 - 2010 ගනේවත්ත උද්භිද උද්‍යානය. නිර්මාණය පූරණී ඉන්ස්පරේෂන්ස්