|
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව |
දහ නව වැනි ශත වර්ෂයේ දී ආරම්භ කරන ලද ජාතික උද්භිද උද්‍යාන ශ්‍රී‍්‍ර ලංකාවේ මුලින් ම ආරම්භ කළ උද්භිද ආයතන වශයෙන් පවතී. පේරාදෙණියේ රාජකීය උද්භිද උද්‍යානය (1821), හක්ගල උද්භිද උද්‍යානය (1861) සහ ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය (1876) බි‍්‍රතාන්‍යයන් විසින් ආරම්භ කරන ලද්දේ තම යටත් විජිතයේ ආර්ථික වැදගත් කමක් ඇති විරල ශාක විශේෂ පිළිබඳ ව පරීක්ෂණ පැවැත්වීමට සහ එම දේශයේ ඇති ශාක සම්පත ගැන විමර්ශනය කිරීමට ය. ශ්‍රී‍්‍ර ලංකාව තුළට ආර්ථික හා පාරිසරික සංවර්ධනය අතින් වැදගත් වන බොහෝමයක් ශාක විශේෂ හඳුන්වාදීමද මෙම ආයතන විසින් සිදුවිය.
| | | නිවර්තන රටක ඇති අනර්ඝතම උද්භිද උද්‍යාන බවට පත්විම හා ඒ තුලින් ශ්‍රී‍්‍ර ලංකාවේ ශාක විශේෂයන් විතැන් සංරක්ෂණය සඳහා වූ ප‍්‍රමුඛ ආයතනය බවට පත්වීමත් එසේ ම දේශයේ ආර්ථික වර්ධනය සඳහා උපරිම දායකත්වය ලබා දීමත් ය.
| | | | අපගේ මෙහෙවර වනුයේ ස්වාභාවික හා නිර්මිත පරිසර තුළ පිහිටි ශාක සම්පත් අධ්‍යයනයට තිරසාර ලෙස සංරක්ෂණය කිරීමට සහ අගය කිරීමට මහජනයාට උපරිම අවකාශ සලසා ලීමයි. | |
|