Department Of National Botanic Gardens

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව

You are here:මුල් පිටුව arrow මල්වගාව arrow ශාක අභිජනනය
ශාක අභිජනනය
මෙම අංශය මගින් පැවැත්වෙන අභිජනන වැඩ සටහන් වල අරමුණ නම් අලුත් ශාක හා මල් වර්ග හඳුන්වා දීම හා ඒවා වගා කරුවන්ට හඳුන්වා දීමය. උඩවැඩියා වගාවට අදාළ අභිජනන වැඩ සටහන් එක්දහස් නවසිය පණස් ගණන්වල ආරම්භ වූ අතර අලුත් ඇන්තූරියම් වර්ග අභිජනනය ආරම්භ කරන ලද්දේ එක්දාස් නවසිය හැත්තෑ ගණන්වලය. දැනට සාම්ප්‍රදායික ක්‍රම හා කාරකයන් යොදා ගනිමින් සම්බන්ධයෙන් අභිජනන පරීක්ෂණ පවත්වනු ලැබේ.

 • 2007 අගෝස්තු මාසයේදී ආරම්භ වූ "සුවහස් මල්" වැඩ සටහන් යටතේ ඉන්දියාවෙන් ගෙන්වන ලද Gerberas ශාක වර්ග 8ක් පිළිබඳව වර්ගීකරණ අධ්‍යයනයක් දැනට කරගෙන යනු ලැබේ. ඒවායේ දත්ත එකතුකිරීමද සිදුවේ.

• විවිධ ජාන කූලවලට අයත් ඕකිඩ් බීජ වර්ග 21 ක් (I.e. Dendrobium, Vanda, Arachnis, Cattleya, Phalaenopsis, Oncidium etc.) විද්‍යාගාරයේදී ප්‍රරෝහණය කරන ලදී. වල් පැලෑටි දෙමුහුන් කිරීමේ ක්‍රියාවලියට Exacum trinervium ස්වයං පරාගනය ද ඇතුළත් විය. එම බීජ පොලිතින් මලුවල වගා කරන ලදුව දැනට මල් හටගනිමින් පවතී. Chirita mooni සහ C. zelanica අතර කල දෙමුහුමක ප්‍රතිඵලය වූයේ අසීමිත මල් ප්‍රමාණයකින් යුත් සංයුක්ත ශාකයකි. C.zelanica ස්වයං පරාගණය හේතුවෙන් විශාල බීජ පැළෑටි ප්‍රමාණයක් නිපදවාගත හැකිවිය. 

• Impatiens ripens සාමාන්‍ය ඉම්පේෂන්ස් සහ වල් ඉම්පේෂන්ස් සමග බද්ධ කර නව balsam ප්‍රභේද(I.grandis) ඇති කිරීමේ අරමුණින් පර්යේෂණාත්මක අත්හදාබැලීමක් ආරම්භ කරන ලදී. 

• විකෘතිකාරක ප්‍රතිකාර ක්‍රම භාවිත කරමින් නව අප්‍රිකානු වයලට් (Saintpaulia ionantha)ප්‍රභේද විස්සක් නිපදවා ඇත.

breeding3breeding4
breedingbreeding1
breeding6breeding7
breeding8breeding9