 | ඇන්තූරියම් අංශය ද ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් තවත් වටිනා කොටසකි. ඇන්තූරියම් වර්ග සමූහයක් හා සෙවනෙහි වැඩෙන දේශීය හා විදේශීය ශාක වර්ග බොහෝ ගණනක් එම අංශයේ ඇත. භාවිත කරන ඉතා හොඳ රෝපණ විධි හේතු කොට ගෙන වර්ෂය මුළුල්ලේ ම ඒවායේ සශ්‍රීක ලෙස මල් හටගනී. 1960 දශකයේ අග භාගයේ /1970 දශකයේ මුල් භාගයේ ආරම්භ කරන ලද මෙම අංශය, ඡර්මනියෙන් ලැබුණු ආධාර මත හවායි දේශයෙන් හා ගෝතමාලාවෙන් ආනයනය කරන ලද පැළ වර්ග එක් කිරීමෙන් සංවර්ධනය කරන්නට යෙදිණි. දැනට මෙම අංශය අභිනවයෙන් පිහිටුවන ලද ජල සම්පාදන හා පොහොර භාවිත ක්‍රම ඇතුළු නවීන පහසුකම් සැලැස්වීමෙන් බොහෝ සෙයින් වෙනස් කොට ඇත.
මෙම අංශයේ, මල් සඳහා වවන ඇන්තූරියම් වර්ග හා පත්‍ර සඳහා වවන ඇන්තූරියම් ද යනුවෙන් ඇන්තූරියම් වර්ග සඳහා විශාල දැල් ගෘහ දෙකක් ඇත. පටක රෝපණය බෝකර ගත් ඇන්තූරියම් ශාක හා අංකුර පැළ ද විවිධ අවසථාවල පවත්නා ඇන්තූරියම් පැළ ද දැල් කුටි දෙකක් තුළ නඩත්තු කරනු ලැබේ. මෙම අංශයේ අලුත් වර්ගවල ඇන්තූරියම් ශාක ද අභිජනනය කොට වගාකරුවන්ට විකුණනු ලැබේ.
වර්ෂයක් පාසා ඇන්තූරියම් වගාකරුවන් විශාල සංඛ්‍යාවක් මෙම අංශය මගින් පුහුණු කෙරේ. විවිධ උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍යයෝ බොහෝ දෙනෙක් ද මෙහි කාර්ය පිරිස් හා එක් ව ඇන්තූරියම් පිළිබඳ පර්යේෂණවල නියැලී සිටිති.
| 
| 
| 
| 
| 
| 
| |