Department Of National Botanic Gardens

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව

You are here:මුල් පිටුව arrow මල්වගාව arrow විචිත්‍ර පත්‍රික ශාක වගා අංශය
විචිත්‍ර පත්‍රික ශාක වගා අංශය

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ විචිත්‍ර පත්‍රික ශාක වගා අංශය සතුව ශ්‍රී  ලංකාවේ ඒ ඒ දේශගුණික කලාපවලින් ගෙන ආ විවිධ ශාක විශාල සංචිතයක් ඇත. මෙම අංශය ymnostachium ceylanicum වැනි විරල දේශීය ශාක විශේෂ ඇතුළු විසිතුරු පත්‍ර ශාකවලටත් දේශීය (ආයුර්වේද) වෛද්‍ය  ක්‍රමය තුළ ප්‍රභල චිකිත්සීය ගුණ ඇති හෙයින් වගා කරනු ලබන යම් යම් පත්‍ර ශාක විශේෂවලටත් පාරාදීසයකි. එසේ ම ලෝකයේ නිවර්තන කලාපීය රටවලින් මෙන් ම උප නිවර්තන රටවලින් ද රැස්කර ගන්නා ලද චිත්තාකර්ෂණීය විසිතුරු ශාක විශේෂ සංචිතයක් ද එම අංශයේ ඇත.
 

මෙම අංශයේ විශාල සෙවන කුටි තුනක් ද, වීදුරු ගෘහ දෙකක් හා ප්‍රදර්ශන කුටි දෙකක් ද තිබේ. ප්‍රදර්ශන කුටි දෙකෙන් එකක් දේශීය විචිත්‍ර පත්‍ර ශාක සඳහා ය. දෙවැන්න පතොක් වර්ග හා මාංසල ශාක සඳහා ය. පතොක් වර්ග හා මාංසල ශාක මෙහි ගෙන එනු ලබන්නේ දිවයිනේ අර්ධ ශුෂ්ක කලාපවලින් හා ලෝකයේ නොයෙක් කාන්තාර වලිනි.