ජාතික ශාකාගරය ( National Herberium ) මගින් 2024 දි සිදු කරන ලද ශාක ගවෙශන කටයුතු වලදි ,ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය,හක්ගල දැඩි ස්වභාවික රක්ශිතය ආශ්‍රිතව Lamiaceae (මින්ට්) ශාක කුලයට අයත් , 𝐶𝑜𝑙𝑒𝑢𝑠 ශාක ගණයේ නව ශාක විශේෂයක් සොයා ගැනීමට ශාකාගාර පර්යේෂණ කණ්ඩායමට හැකි විය. ඒ අනුව නව ශාක විශේෂය උද්භිද විද්‍යාත්මකව 𝐶𝑜𝑙𝑒𝑢𝑠 ℎ𝑎𝑘𝑔𝑎𝑙𝑒𝑛𝑠𝑖𝑠 Abeysekara, Kasunika, Haluwana & Nilanka ලෙස නම් කරන ලද අතර මෙම සොයා ගැනීම, 2024 ඔක්තෝබර් 30 වන දින, ශාක වර්ගීකරණය විද්‍යාව පිළිබඳ ප්‍රධානතම ජාත්‍යන්තර සඟරාවලින් එකක් වන Phytotaxa සඟරාවේ Vol. 670 No. 2 හි ප්‍රකාශයට පත් කර ඇත.

Coleus hakgalensis ශාකය මීටර් 1 ක් පමණ උසට වැඩෙන පඳුරු ස්වභාවයකින් යුක්ත වේ. දම් හා සුදු මිශ්‍ර සිත් ගන්නා සුලු වර්ණයකින් යුතු මල් කිනිති බොහෝමයක් එකවර මෙම පඳුරේ හට ගනී. හොදින් වැඩුනු මල් කිනිත්ත අඩියකට වඩා දිගින් යුතු වන අතර බීජ හා අතු කැබලි මඟින් ප්‍රචාරණය වේ. මෙම ශාකය අනෙකුත් කපුරු වල්ලිය ශාක වලට වඩා ප්‍රමාණයෙන් විශාල වීම නිසා මෙය මහ කපුරු වල්ලිය ලෙස සිංහල ව්‍යවහාර නාමයකින් හදුන්වා ඇත.

ජාතික ශාකාගරයට වසර 200 සපිරෙන මෙම වසරේ නව ශාක විශේෂයක් අනාවරණය කරගැනීම ලැබීම,ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවත්, පර්යේෂණ කණ්ඩායම වන සුමේධා අබේසේකර ,ඕ .එම් . කසුනිකා , නිශාන්ති හළුවන නඳුන් නිලංක ලැබූ සුවිශේෂී ජයග්‍රහනයක් වන අතර 2012 වසරේ සිට ක්‍රියාත්මක වන ජාතික ශාක ගවේෂණ වැඩසටහන යටතේ ජාතික ශාකාගාර කාර්ය මණ්ඩලය විසින්ම විස්තර කරන ලද ශාක විශේෂයක් ලෙස මෙය ඉතිහාසයට එක් වේ .